2020 ටෝකියෝවේ දී හමුවන බලාපොරොත්තුවෙන් රියෝ ඔලිම්පික් නිමා වෙයි

  • 2016 අගෝස්තු 22
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
2016 රියෝ ඔලිම්පික් නිමා කළ වර්ණවත් සැණකෙළිය

බ්‍රසීලයේ රියෝ ද ජෙනේරෝ මර්කානා ක්‍රීඩාංගණයේ දී වර්ණවත් සැණකෙළියක් සමග ඊයේ (21) රාත්‍රියේ 2016 රියෝ ඔලිම්පික් නිමා වූ අතර නිල වශයෙන් 2020 ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය ජපානයට භාර දෙනු ලැබීය.

පැය තුනකට ආසන්න කාලයක් පුරා පැවැත්වුණු ඔලිම්පික් නිමාවේ උත්සවය බ්‍රසීලයේ සංස්කෘතික නර්තන සහ වර්ණවත් ගිනිකෙළි වලින් අලංකාර කර තිබුණි.

දින දාසයක් මුළුල්ලේ පැවති තිස් එක් වෙනි ඔලිම්පික් තරගාවලියට සරණාගතයන්ගේ කණ්ඩායම ඇතුළු රටවල් දෙසිය හයකින් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකොළොස් දහස් තින්සිය තුන් දෙනෙකු (11 303) සහභාගී විය.

2020 ඔලිම්පික් සත්කාරකත්වය භාර ගැනීම සඳහා ක්‍රීඩා ලෝලීන් මවිතයට පත් කරමින් ජපාන අගමැතිවරයා පරිඝනක ක්‍රීඩාවක සුපිරි චරිතයක් වන සුපර් මාරියෝ (Super Mario) ලෙසින් සැරසී ක්‍රීඩාංගනය මධ්‍යයේ පෙනී සිටි අතර ලොව වටා බිලියන ගණනක ජනතාව රූපවාහිනී සහ අන්තර්ජාලය ඔස්සේ ඔලිම්පික් නිමාව නැරඹුහ.

Image copyright AFP
Image copyright AFP
Image caption රියෝ ද ජෙනේරෝ මර්කානා ක්‍රීඩාංගණය වර්ණවත් කළ ගිනිකෙළි සංදර්ශනය
Image copyright AFP
Image copyright Getty Images
Image copyright AFP
Image copyright Getty Images
Image caption සුපර් මාරියෝ ලෙසින් සැරසුණු ජපාන අගමැති ෂින්සෝ අබේ

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර