බ්‍රිතාන්‍යයේ ගිනි අවි වෙළඳාම ගැන ඔක්ස්ෆෑම් විරෝධය

A pro-government fighter in Yemen Image copyright Reuters
Image caption යේමනයේ රජයට පක්ෂපාත හමුදා ෂියා කණ්ඩායම් වලට එරෙහිව සටන් වැදී සිටින බවයි පැවසෙන්නේ.

යේමනයේ දී සාමාන්‍ය වැසියන්ට එරෙහිව යොදාගැනීම සඳහා සෞදි අරාබියට ආයුද විකිණීම පිළිබඳව ජාත්‍යන්තර මානවීය ආධාර සපයන්නෙක් වන ඔක්ස්ෆාම් (Oxfam) ආයතනය විසින් බ්‍රිතාන්‍ය අමාත්‍යවරුන් දැඩි දෝෂ දර්ශනයට ලක් කරනු ලැබ ඇත.

අති විශාල ප්‍රමාණයෙන් සෞදි අරාබියට ගිනි අවි අපනයනය කිරීම පිළිබඳව බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකාව දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත්තේ ජිනීවා නුවර පැවැත්වෙන හමුවක් අතරතුරදීය.

ගිනි අවි වෙළඳාම් කරන රටවල් අතර සම්මුතියක් සඳහා ජිනීවා නුවරට රැස්වී සිටින රටවල් වලට විරෝධය පළ කරන පිරිස් පවසන්නේ එම අවි ආයුද සෞදි අරාබිය විසින් ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින යේමනයේ දහස් ගණනක් සාමාන්‍ය වැසියන් මරා දැමීම පිණිස යොදා ගන්නා බවයි.

Image copyright Reuters
Image caption යේමනයේ රජයට එරෙහිව සටන් කරන එක් කණ්ඩායමක් වන්නේ හුති සන්නධාකරුවන් බවයි පැවසෙන්නේ

එහෙත් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය කිහිප විටක්ම ප්‍රකාශ කර ඇත්තේ සෞදි හමුදා සාමාන්‍ය වැසියන් ඉලක්ක කරන බවට සාක්‍ෂි නැති බවයි.

පසුගිය වසරේ බ්‍රිතාන්‍ය රජය සෞදි අරාබියට පවුම් බිලියන 3ක් වටිනා ගිනි අවි විකිණීම සඳහා අනුමැතිය ලබාදුන් අතර පිළිවෙලින් ඇමරිකාව පවුම් බිලියන 4ක සහ ප්‍රංශය පවුම් බිලියන 14ක අවි විකිණීමට අනුමැතිය ලබා දී තිබේ.

ලොවපුරා වාර්ෂික ගිනි අවි වෙළඳාම පවුම් ට්‍රිලියන 1.3 බවටයි ගණන් බලා ඇත්තේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්

සබැඳි අන්තර්ජාල යොමු

වෙනත් අන්තර්ජාල අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ