ඉන්දියාවේ ගංවතුර: මරණ සංඛ්‍යාව ඉහළට

Rescuers shift residents to safer places following floods in the River Ganges in Allahabad, India, Sunday, Aug. 21, 2016. Image copyright AP
Image caption අලහාබාද් ප්‍රදේශයේ ගංවතුර

මෝසම් වර්ෂාවත් සමග ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් ඉන්දියාවේ උතුරු සහ මධ්‍යම ප්‍රදේශවල මරුමුවට පත් සංඛ්‍යාව එකසිය පනහ ඉක්මවා ඇති බව එරට බලධාරීහු පවසති.

ගංගා නම් නදියේ ජල මට්ටම නොනවත්වා ඉහළ නැගීමත් සමග බිහාර් ප්‍රාන්තයේ සහ නැගෙනහිර නගරවලට අයත් විසි හතර ලක්ෂයක් ජනතාව විපතට පත් වී සිටිති.

දහස් සංඛ්‍යාත පිරිසක් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන තුළ රැඳී සිටිති.

ඇතැමෙක් සිය නිවාස අත් හැර නොගොස් ඒවායේම රැඳී සිටින අතර බෝට්ටු යොදා ගනිමින් සහන සේවා කණ්ඩායම් ඔවුන් වෙත ළඟා වෙමින් සිටින බවයි බලධාරීන් පවසන්නේ.

කුඹුරු ජලයෙන් යට වී විශාල වශයෙන් වගා විනාශ වීම හේතුවෙන් බරපතළ ආහාර හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව 'ඇක්ෂන් ඒඩ්' පුණ්‍යායතනය කියා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර