මියන්මාරයේත් භූමි කම්පාවක්

  • 2016 අගෝස්තු 24
The ancient Dhammayangyi temple is seen shrouded in dust as a 6.8 magnitude earthquake hit Bagan on August 24, 2016 Image copyright AFP
Image caption භූමි කම්පාවත් සමග බගාන් නගරයේ පිහිටි පෞරාණික ගොඩනැගිල්ලක් දෙසින් නැගෙන දුහුවිල්ල කැමරා කාචයේ සටහන් වී තිබේ

මියන්මාරයේ මධ්‍යම කලාපයේ භූමි කම්පාවක් ඇති වී තිබෙන අතර පුද්ගලයන් තිදෙනකු මරුමුවට පත් වී ඇති බව වාර්තා වේ.

රික්ටර් මාපකයේ 6.8 ක් සටහන් කළ භූමි චලනයේ කම්පනය දුරින් පිහිටි තායිලන්තයේ බැංකොක් නුවරට, බංගලාදේශයේ ඩකා අගනුවරට සහ ඉන්දියාවට ද දැනී තිබේ.

පෞරාණික බගාන් (Bagan) නගරයේ පිහිටි ප්‍රසිද්ධ විහාරස්ථාන කීපයක් සහ ගොඩනැගිලි ගණනාවකට හානි වී ඇති බව බලධාරීහු පවසති.

Image copyright AP
Image caption භූ චලනයත් සමග ඉන්දියාවේ කල්කටා නුවර ගොඩනැගිලි තුළ සිට පිටතට පැමිණි පිරිසක්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර