ඉතාලි භූමිකම්පාව: එකසිය පනස් දෙනෙක් ආගිය අතක් නැහැ

  • 2016 අගෝස්තු 24
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
වැඩිම විනාශය සිදු වී ඇත්තේ ඇමට්‍රීචේ නගරයට

ඉතාලියේ මධ්‍යම ප්‍රදේශයේ ඇති වූ භුමි කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව හැත්තෑ තුනක් දක්වා ඉහල ගොස් ඇති අතර තවමත් 150 දෙනෙකු පමණ ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

එක් ගම්මානයක් සම්පුර්ණයෙන්ම බිමට සමතලා වී ඇති අතර මිය ගිය බවට මෙතෙක් දැනුම් දී ඇති සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවට විශ්වාස කෙරෙයි.

මැග්නිටියුඩ් මාපකයේ 6.2ක අගයක් වාර්තා කළ මෙම භූ කම්පනය ඉතාලි වේලාවෙන් අද (24) අලුයම 3.36ට පමණ සිදු විය.

භූ කම්පනය සිදු වූ ප්‍රදේශය පිහිටා ඇත්තේ රෝමයෙන් සැතපුම් හැට පහක් පමණ දුරින් වන ඊසාන දිග භුමි භාගයේ යි.

ඉන් වැඩිම විනාශය සිදු වී ඇත්තේ ඇමට්‍රීචේ නගරයට යි.

Image copyright Corpo Forestale
Image caption සුන් බුන් වලට යට වී සිටි අයෙකු බේරා ගනිමින්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
Rescuers in Amatrice have been trying to reach survivors amidst the rubble
Image copyright Reuters
Image caption බේරා ගැනීමේ කණ්ඩායම් යුහුසුළුව
Image copyright Google/AP
Image caption ඇමට්‍රීචේ කඩ වීදිය භූමිකම්පාවට පෙර සහ පසු
Image copyright Google/EPA
Image caption භූ කම්පනයට පෙර සහ පසු තත්වය දැක්වෙන තවත් වීදියක්
Image copyright Corpo Forestale
Image caption විනාශයේ තරම ගුවනට දිස් වෙන අයුරු
Image copyright Reuters
Image caption පණ පිටින් වැළලී ඇති අය සෙවීමට සුනඛයන්ගේ සහාය
Image copyright AFP
Image caption පෞරාණික ගොඩනැගිලි කිහිපයක්ද විනාශයට
Image copyright EPA
Image caption එළිමහනේ හදිසි ප්‍රතිකාර
Image copyright Reuters
Image caption හුදෙකලා ගම්මාන රැසකට දැඩි හානි

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර