තුර්කියේ පොලිස් මුලස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්

  • 2016 අගෝස්තු 26
Image copyright EPA
Image caption තුර්කියට යාබද සිරියානු දේශ සීමාව

ගිනිකොන දිග තුර්කියේ පොලිස් මුලස්ථානයකට පිටතින් සිදුවූ මරාගෙන මැරෙන ට්‍රක් රථ බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පොලිස් නිලධාරීන් එකොලොස් දෙනෙකු මරණයට පත්විය.

තවත් පුද්ගලයන් හැත්තෑවකට තුවාල සිදුවී ඇති බවයි වාර්තාවන්නේ.

සිස්රී (Cizre) නගරයේ පිපිරීම සිදුවූ ගොඩනැගිල්ලට ඉහළින් ඝණ දුම් කඳක් ඉහළට නැගෙන ආකාරයයි වීඩියෝ දර්ශණ මගින් දැක්වෙන්නේ.

ප්‍රහාරය සම්බන්ධව කුර්දි ජාතික PKK සංවිධානයට චෝදනා කළ තුර්කි අගමැති බිනාලි යීල්ද්රීම් පෙරලා පහරදෙන බවයි ප්‍රකාශ කළේ.

තුර්කියේ සිරියාවට සහ ඉරාකයට මායිම්ව ඇති නගරයක් වන සිස්රී (Cizre) හි වැඩිවශයෙන් කුර්දි ජාතිකයන් ජීවත්වන අතර තුර්කි ආරක්ෂක හමුදා හා PKK කුර්දි සන්නද්ධකරුවන් අතර මේ වසර මුලදී ගැටුම් ඇතිවිය.

මීට පෙර සිස්රී (Cizre) නගරයේ සාමාන්‍ය වැසියන්ට එරෙහිව මානවහිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් තුර්කි රජයට එරෙහිව චෝදනා එල්ලවිය.

බීබීසී යෙන්