රුසියාවේ ගින්නෙන් දාසය දෙනෙකු මරු දකී
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රුසියාවේ ගින්නෙන් දාසය දෙනෙකු මරුට

රුසියාවේ මොස්කව් අගනුවර ගබඩාවක සහ මුද්‍රණාලයක ඇතිවූ ගින්නක් හේතුවෙන් දහසය දෙනකු මිය ගොස් ඇති අතර, තවත් කීප දෙනෙකු තුවාල ලබා තිබේ.

ගිනි ගත් ගොඩනැගිල්ලේ බිත්තියක් කඩා ඇතුළු වූ ගිනි නිවන භටයන්, මියගිය පුද්ගලයන්ගේ සිරුරු සොයා ගත් බවයි බලධාරීන් පවසන්නේ.

පැරණි සෝවියට් ජනරජ වල සිට මොස්කව් නගරයට සංක්‍රමණය වූ කම්කරුවනුයි මෙලෙස මියගොස් තිබෙන්නේ.

ඔවුන් ගිනි ගත් ගොඩනැගිල්ලේ වැඩ කරමින් නවාතැන් ගෙන සිටි බවයි මොස්කව් බලධාරීන් වැඩි දුරටත් කියා සිටියේ.

ගින්න හට ගැනීමට හේතුව සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණයක් බලධාරීන් විසින් ආරම්භ කර තිබේ.