අධිබල 'ලියොන්රොක්' කුණාටුව ජපානය දෙසට

Image copyright AFP
Image caption පසුගිය අප්‍රියෙල් මාසයේ සිදුවූ භූමි කම්පාවෙන් දකුණු ජපානයේ කුමමොතෝ නගරයට දැඩි හානි සිදුවිය

ඊසානදිග ජපානයේ හමායන අධිබල කුණාටුවක් හේතුවෙන් සියයකට වැඩි ගුවන් ගමන් සංඛ්‍යාවක් අත්හිටුවා ඇති අතර දහස් ගණනක පිරිසකට ආරක්ෂක ස්ථාන වෙත යන ලෙස අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත.

'ලියොන්රොක්' නමින් හැඳින්වෙන මෙම කුණාටුව අද අඟහරුවාදා සවස්භාගයේ පැයට කිලෝමීටර 120 ක වේගයෙන් තෝහොකු කළාපය හරහා හමා යනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

වසර පහකට පෙර මෙම ප්‍රදේශය අති විශාල භූමි කම්පාවකින් සහ ත්සුනාමි රැල්ලකින් පීඩාවට පත් විය.

2011 දී අනතුරට ලක් වූ ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරය පාලනය කරන 'තෝකියෝ ඉලෙක්ට්‍රික් පවර් කම්පැනි' නමැති සමගම විසින් එහි බාහිර මෙහෙයුම් නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කුණාටුව හමා යන ප්‍රදේශයේ පවතින කම්හල් දෙකක කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බව 'ටොයෝටා' මෝටර් රථ නිෂ්පාදන සමාගම ප්‍රකාශ කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්