දෝෂාභියෝගය සම්මතයි ඩිල්මා පදවියෙන් නෙරපයි

Image caption පදවිය අහිමි වූ බ්‍රසීල නායිකාව

බ්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රූසේෆ් තනතුරින් ඉවත් කිරීමට බ්‍රසීල සෙනේට් සභාව තීරණය කරයි.

ඇයට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය පිළිබඳව විභාගය අවසානයේ සෙනේට් සභිකයන් අසූ එක් දෙනාගෙන් හැට එක් දෙනෙකුම නිගමනය කර තිබෙන්නේ ජනාධිපතිනි ඩිල්මා රූසේෆ් වැරදිකාරිය බවයි.

ඇයට එල්ල වූ චෝදනාව වන්නේ රටේ වැඩිවෙමින් පැවති අයවැය පරතරය සැඟවීම සඳහා මීට දෙවසරකට පෙර ඉදිරිපත් කළ අය වැය වාර්තාව විකෘති කර ඇති බවයි.

බ්‍රසීල උප ජනාධිපති මිෂෙල් ටෙමියර් (Michel Temer) මීළඟ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිතයි.

තනතුරින් පහ කරන ලද ඩිල්මා රුසේෆ් බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත් වූ පළමු කාන්තාවයි.

තමාට එල්ල වූ දෝෂාභියෝගය දක්ෂිණාංශික කුමන්ත්‍රණයක් හැටියටයි ඇය විසින් හඳුන්වනු ලබන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර