පසුගිය සතියේ හොඳම ප්‍රවෘත්ති ඡායාරුප කිහිපයක්

පසුගිය සතිය තුළ ලොව වටා පළ වූ හොඳම ප්‍රවෘත්ති ඡායාරුප අතරින් අහඹු ලෙස තෝරා ගත් සේයා රූ අතළොස්සක්.

තක්කාලි උත්සවය නිමාවේ ආවරණය ඉවත් කිරීමට සැරසෙන කාන්තාවක් Image copyright Biel Alino / AFP
Image caption ඉදුණු තක්කාලි ගෙඩි වලින් එකිනෙකාට දමා ගැසීම ස්පාඤ්ඤයේ වාර්ෂිකව පැවැත්වෙන උත්සවයක්. වීදියේ මායිමේ ඇති නිවාස මේ තක්කාලි ප්‍රහාරයෙන් රැක ගැනීමට ගෙහිමියන් කරන්නේ තාවකාලික ආවරණයක් එල්ලා තැබීම. තක්කාලි උත්සවය නිමාවේ ආවරණය ඉවත් කිරීමට සැරසෙන කාන්තාවක්. මේ වීදිය පුරා ඉදුණු තක්කාලි ටොන් 160ක් පමණ ට්‍රක් රථවලින් ගෙනැත් බානවා. මේ තක්කාලි ගොඩේ විනෝද වන්නට 22000 පමණ විනෝදකාමීන් එකතු වුනා
සුමාත්‍රා දුපතේ සිනබුන්ග් ගිනිකන්ද Image copyright Tibta Pangin / EPA
Image caption සුමාත්‍රා දුපතේ සිනබුන්ග් ගිනි කන්දේ අළු දුමාරය ගුවනට මුසු වෙමින් තිබිය දී ඊට නුදුරින් ඇති ගමේ පාසලේ දරුවන් විවේක කාලය ගත කරන අයුරු. 2010 දී පුපුරා ගිය මේ ගිනි කන්ද තවමත් සක්‍රීයයි.
A performer in costume poses on the second day of the Notting Hill Carnival in west London Image copyright Daniel Leal-Olivas / AFP
Image caption ලන්ඩනයේ පැවති නොටිං හිල් සැණකෙළිය මෙවර ඉතා චමත්කාර ඇඳුම් ආයිත්තම් වලින් පිරී තිබුණා. කැරිබියානු සංස්කෘතික උත්සවය ආරම්භ වුණේ 1964 දී.
'ගිනි වළල්ල' Image copyright Daniel Hayduk / AFP
Image caption අප්‍රිකානු මහාද්වීපයේ ජනතාවට පසුගිය සතියේ සුර්යග්‍රහණයක් දැක බලා ගැනීමේ අවස්ථාව උදා වුණා. අප්‍රිකානුවන් දුටු මේ 'ගිනි වළල්ල' ලොව පුරා මාධ්‍යවල මෙසේ පළ වී තිබුණා.
කොලොම්බියානු සිවිල් යුද්ධයේ නිමාව Image copyright John Vizcaino / Reuters
Image caption කොලොම්බියානු සිවිල් යුද්ධයේ නිමාව සනිටුහන් කරමින් සටන් විරාමය පසුගිය දා ඇරඹුනා. වසර 52ක් තිස්සේ රජයට එරෙහිව සටන් වැදුණු කැරලිකරුවන්ට මහත් අස්වැසිල්ලක්. කැරලි හමුදාවට එක්ව සිටි යුවළක් සිය කුඩාරම තුළ ලැබූ 'සටන් විරාමයෙන් ලද විවේකය' කැමරාවට හසු වූ අයුරු.
ගැබොන් රාජ්‍යයේ ජනාධිපතිවරණය Image copyright Marco Longari / AFP
Image caption ගැබොන් රාජ්‍යයේ ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය වුණේ බලයේ සිටි ජනාධිපතිවරයා ම වැඩි ඡන්ද හයදහසකින් පමණ ජය ගැනීම. ඒ බව නිවේදනය වීමත් සමඟ රට පුරා ප්‍රචණ්ඩ ගැටුම් හට ගත්තා. දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව වාර්තා වුනා.
A migrant is carried from an overcrowded dinghy by a member of the Spanish NGO Proactiva off the Libyan coast Image copyright Giorgos Moutafis / Reuters
Image caption ලිබියානු මුහුදු තීරයට ඔබ්බෙන් අතරමංව සිටි සරණාගතයන් දස දහසක් පමණ දෙනාගේ ජීවිත බේරා ගෙන ගොඩ බිමට ගෙන ඒම ඉතා දුෂ්කර කාර්යයක්. දැඩි විඩාවට සහ විජලනයට බඳුන්ව සිටි සරණාගතයෙකු කැමරාවේ මෙසේ සටහන් වී තිබුණා.
Keeper Guy Pear gets a kiss from a five-day-old reticulated giraffe, at an enclosure at the Safari Zoo in Ramat Gan, near Tel Aviv, Israel Image copyright Baz Ratner / Reuters
Image caption ඊශ්‍රායලයේ සත්වෝද්‍යානයක උපත ලද ජිරාෆ් පටවෙකුගෙන් භාරකරුට හාදුවක්. මේ ජිරාෆ් පැටවාගේ වයස දින පහයි!

ඡායාරූපවල හිමිකම් ඇවිරිණි.