යුද අපරාධ කළ ඉස්ලාම් නායකයා එල්ලා මරා දැමෙයි

Mir Quasem Ali at the court in 2014 Image copyright AFP
Image caption චිතගොං හි දී යුද අපරාධ කළ බවටයි ඔහු චෝදනා ලැබුවේ.

බංග්ලාදේශයේ විශාලතම ඉස්ලාම්වාදී පක්ෂයේ නායකයා මෙන්ම මුල්‍ය දායකයා 1971 වසරේ පකිස්ථානයට එරෙහිව සිදුවූ බංග්ලාදේශ නිදහස් සටනේ දී කරන ලද යුද අපරාධ සඳහා එල්ලා මරාදැමුණි.

ධන කුවේරයෙකු වන ජමාත් එ ඉස්ලාම් පක්ෂයේ නායක 63 වියැති ක්වාසිම් අලිට මරණීය දණ්ඩනය නියමවූයේ මීට වසර දෙකකට ඉහත දීය.

මිනීමැරුම් සහ වදහිංසා කිරීම් පිළිබඳවයි ඔහු චෝදනාවට ලක්ව සිටියේ.

Image copyright AP
Image caption ඉරිදා උදාසන් අලි ගේ දේහය කාශිම්පුර් බන්ධනාගාරයේ සිට රැගෙන ගිය මොහොත.

සෙනසුරාදා සවස ධකා අගනුවරට පිටතින් ඇති අධි ආරක්‍ෂිත බන්ධනාගාරයක දී ඔහුව එල්ලා මරා දැමිණි.

2010 වසරේ දී අත්අඩංගුවට ගත් අලිට තිබූ චෝදනාවලට ඔහු වැරදිකරු වූයේ 2014 වසරේ දීය. වරද පිළිගනිමින් ජනාධිපති සමාව ලැබීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

Image copyright AP
Image caption බන්ධනාගාරය අවට දැඩි රැකවල් යොදා තිබුණි

බංග්ලාදේශ් අගමැතිනී ෂෙයික් හසීනා විසින් 2010 වසරේ දී යුද අපරාධ අධිකරණය පිහිටුවීමෙන් පසු විරුද්ධ පක්ෂ නායකයන් හයදෙනෙකු එල්ලා මරාදමනු ලැබිණි. එයින් පස් දෙනෙකු ජමාත් පක්ෂ සාමජිකයන් විය.

ජත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මේ දක්වා ජන සංහාරය සහ මනුෂ්‍යත්වයට එරෙහි කෘරකම් පිලිබඳ චෝදනාවලට වැරදිකරුවන් වූවන් 24 දෙනෙකු ට මරණීය දණ්ඩනය ලබා දී ඇති අතර 18 දෙනෙකු සිරගත කරනු ලැබ තිබේ.

Image copyright AFP
Image caption 1971 සටනට දායකත්වය දුන් ඇතැම් ක්‍රියාධරයන් අලි ගේ මරණය සැමරූ අයුරු

එසේවුවද මානව හිමිකම් සංවිධාන විසින් අධිකරණ ක්‍රියාමාර්ගයන් චෝදනාවට ලක්කර තිබුණේ ඒවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන බව පවසමින්.

එසේම විවේචකයන් පවසන්නේ රජය විරුද්ධ පාක්ෂිකයන් දඩයම් කිරීම සඳහා යුද අපරාධ අධිකරණය යොදාගනිමින් සිටින බවයි.

Image copyright AP
Image caption මරාදැමීමට පෙර අලි ගේ ඥාතීන් ඔහු බැලීමට බන්ධනාගාරයට පැමිණියහ.

බීබීසී යෙන්