තෙරේසා මව්තුමිය ශාන්තුවරියක්

  • 2016 සැප්තැම්බර් 4
Image copyright Reuters
Image caption තෙරේසා මව්තුමිය විසින් කළ බව කියැවෙන දෙවන ආශ්චර්යමත් ක්‍රියාව ද හඳුනාගැනීමෙන් පසුවයි මේ උත්තම තත්වයට ඇය ඔසවා තැබෙන්නේ

තෙරේසා මව්තුමිය ශාන්තුවරියක් ලෙස අති උතුම් ෆ්රාන්සිස් පාප් වහන්සේ ප්‍රකාශයට පත් කළහ.

මේ සඳහා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ සංවිධානය කර තිබූ විශේෂ දේව මෙහෙයට දස දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.

Image copyright Reuters
Image caption දේවමෙහෙය පැවැත්වූයේ අති උත්තම ෆ්රාන්සිස් පාප් වහන්සේ

ඉන්දීය අගමැතිවරයා සහ තවත් රාජ්‍ය නායකයන් දහ තුන් දෙනෙකු පැමිණ සිටි මෙම අවස්ථාවට වීදි වාසීන් ද එක්දහස් පන්සීය දෙනෙක් පමණ එක් වූහ.

ඉන්දියාවේ පැල්පත් වාසී දිළිඳු ජනතාවට පිළිසරණ වීම සඳහා තෙරේසා මව්තුමිය සිය ජීවිතය ම කැප කරමින් දිවි ගෙවූ කල්කටා නුවර ද මේ වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්විණි.

Image copyright Reuters
Image caption වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයට දස දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක්

දිළිඳු හින්දු භක්තිකයන් කතෝලික ආගමට බඳවා ගැනීම සඳහා තෙරේසා මව්තුමිය උත්සාහ කළ බවට ඇතැම් විවේචකයන්ගෙන් චෝදනා එල්ල වී තිබුණි.

තෙරේසා මව්තුමිය විසින් කළ බව කියැවෙන දෙවන ආශ්චර්යමත් ක්‍රියාව ද හඳුනාගැනීමෙන් පසුවයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගේ අනුමැතිය මත මේ උත්තම තත්වයට ඇය ඔසවා තැබෙන්නේ.

මොලයේ පිළිකා කිහිපයකින් පීඩා විඳි බ්‍රසීල ජාතික රෝගියකු විස්මය ජනක ලෙස සුවපත් කිරීමයි එලෙස ආශ්චර්යයක් ලෙස හඳුනාගෙන ඇත්තේ.

අල්බේනියානු සම්භවයක් සහිත තෙරේසා මව්තුමිය ස්වර්ගස්ථ වූයේ 1997 වසරේදී යි.

Image copyright AFP
Image caption කල්කටා නුවර සිට වතිකානයේ දේව මෙහෙය නරඹන කන්‍යා සොහොයුරියන්
Image copyright Reuters
Image caption තෙරේසා මව්තුමිය කල්කටාවේ ආරම්භ කළ පුණ්‍යායතනය අදටත් සමාජ සත්කාරයේ
Image copyright AP
Image caption තෙරේසා මව්තුමියගේ දේහය තැන්පත් කළ ස්ථානයට රැස් වූ කල්කටා නුවර බැතිමතුන්