බංග්ලාදේශයේ කම්හල් ගින්නකින් පිරිසක් මරුට

Burned-out factory in Tongi, Bangladesh, on 10 September 2016 Image copyright EPA
Image caption තට්ටු හතරකින් යුතු ගොඩනැගිල්ල පුරා ගින්න ක්ෂණිකව පැතිරගිය බවයි පැවසෙන්නේ.

බංග්ලාදේශයේ ඇසුරුම් කම්හලක බොයිලරයක් පිපිරීමෙන් ඇතිවූ ගින්නකින් විසිපස් දෙනෙකු මරුමුවට පත්වී තවත් 70 දෙනෙකු පමණ තුවාල ලබයි.

ධකා අග නගරයට උතුරින් ඇති ටොන්ගි නගරයේ දී තට්ටු හතරකින් යුතු ගොඩනැගිල්ලක ගින්න හටගන්නා විට ඒ තුළ සේවකයන් 100 ක් පමණ සිටි බවයි පොලීසිය පවසන්නේ.

ගොඩනැගිල්ල තුළ වූ බොයිලරයක් පිපිරීමෙන් ඇතිවූ ගින්න ගොඩනැගිල්ල පුරා පැතිරීගිය බවයි නිලධාරීන් පවසන්නේ.

Image copyright EPA

හදිසි ආපදා සේවකයන් පැවසුවේ ගින්න තවමත් මැඩ පවත්වා නැති බවයි.

මරණ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 70 දෙනෙකුට පමණ තුවාල වී ඇති බවයි නගරයේ රෝහලේ බලධාරීන් AFP පුවත්සේවයට පැවසුවේ.

කම්හල් වල ගිනිගැනීම් බංග්ලාදේශයේදී සුලභව අසන්නට ලැබෙන අතර ආරක්ෂක උපාය මාර්ග ඉතා දුර්වල තත්වයේ පවතී.

පසුගිය වසරේ ප්ලාස්ටික් කම්හලක ගින්නකින් අවම වශයෙන් 13 දෙනෙකු මියගිය අතර 2012 වසරේ දී ධකා හි කම්හල් ගින්නකින් 112 දෙනකු මියගිය බවයි වාර්තා වුයේ.

2013 වසරේ රනා ප්ලාසා ඇඟලුම් කම්හලේ ගින්නෙන් පුද්ගලයන් 1,135 දෙනෙකු මරුමුවට පත්විය.

බීබීසී යෙන්