දිවි නසාගන්නට සැරසෙන බ්‍රිතාන්‍ය ළමුන්ගේ වැඩිවීමක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දිවි නසාගන්නට සැරසෙන බ්‍රිතාන්‍ය ළමුන්ගේ වැඩිවීමක්

දිවි නසා ගැනීමේ සිතුවිලි හේතුවෙන් අධාර ඉල්ලා දුරකථන ඇමතුම් ලබාදෙන බ්‍රිතාන්‍ය ළමුන්ගේ සංඛ්‍යාව පසුගිය වසර පහක කාලය තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව අනතුරට පත් ළමුන් වෙනුවෙන් කටයුතු කරන 'චයිල්ඩ් ලයින්' පුණ්‍යායතනය පවසයි.

පාසැලේ අධ්‍යාපන කටයුතුවලින් ඇතිවන පීඩනය, මානසික අසමතුලිතතා, වධහිංසා සහ අපචාරයන්ට ගොදුරුවීම් යනාදිය මෙයට හේතුව බවයි පැවසෙන්නේ.

අවුරුදු දහයේ තරම් වයසේ පසු වන දරුවන් ආධාර ඉල්ලා දුරකථන ඇමතුම් ලබා ගන්නා බව 'චයිල්ඩ් ලයින්' පුණ්‍යායතනය කියා සිටියේය.

පසුගිය වසරේදී සාමාන්‍ය වශයෙන් සෑම මිනිත්තු 30 කට වරක් දිවි නසා ගැනීමේ සිතුවිලි පහළ වූ බ්‍රිතාන්‍ය ළමුන්ගෙන් 'චයිල්ඩ් ලයින්' පුණ්‍යායතනය වෙත දුරකථන ඇමතුම් ලැබී ඇති බවයි ළමාරක්ෂණ බලධාරීන් පෙන්වා දෙන්නේ.