පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් රැසක් මරුට

Image caption 2016 මාර්තු මාසයේ හැට නම දෙනෙකුට මාරු කැඳවමින් ලාහෝර් නුවරට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු වීදි වල අනියුක්ත කෙරුණු ආරක්ෂක අංශ නිලධාරියෙක්

වයඹ දිග පාකිස්තානයේ මුස්ලිම් පල්ලියකට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විසිතුන් දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදු වී ඇති බව වාර්තා වෙයි.

පාකිස්තාන බලධාරීන් කියා සිටියේ මෙම ප්‍රහාරකයා සිය බෝම්බය පුපුරුවා ගන්නා අවස්ථාවේදී පල්ලිය තුළ සිකුරාදා යාඥා මෙහෙය පැවැත්වෙමින් තිබුණු බවයි.

ඇෆ්ගනිස්තාන දේශ සීමාව මායිම් කරගත් මොහ්මාන්ද් දිස්ත්‍රික්කයේ බුත්මානා නගරයේ පිහිටි මුස්ලිම් පල්ලියකටයි මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ.

තවමත් ප්‍රහාරයේ වගකීම කිසිදු සන්නද්ධ කණ්ඩායමක් විසින් භාර ගෙන නොමැත.