නිව්යෝර්ක් පිපිරීම 'ත්‍රස්ත ක්‍රියාවක්'

Image copyright Reuters
Image caption මෙම පිපිරීම පුපුරණ ද්‍රව්‍ය යොදා සකස්කළ උපකරණයක් යොදාගෙන සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ

විසි නම දෙනෙකුට තුවාල සිදු කරමින් නිව්යෝර්ක් නගරයේ සිදුවූ පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස නිව්යෝර්ක් ආණ්ඩුකාරවරයා හඳුන්වයි.

නමුත් ඒ පිටුපස ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායමක් සිටින බවට තවමත් සාධක ලැබී නැති බවයි ඔහු පවසන්නේ.

මෑන්හැටන් හි සිදුවූ මෙම පිපිරීම පුපුරණ ද්‍රව්‍ය යොදා සකස්කළ උපකරණයක් යොදාගෙන සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

නගරාධිපති බිල් ඩි බ්ලාසියෝ ද පැවසුවේ එය හිතා මතා සිදුකළ පිපිරවීමක් වුවත් ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවට තොරතුරු නැති බවයි.

පිපිරීම සිදුවූ ස්ථානයට ගොඩනැගිලි කිහිපයක් ඈතින් තිබූ තවත් එවැනි උපකරණයක් පොලීසිය විසින් ඉවත් කරනු ලැබුණි.

ප්‍රෙෂර් උදුනක් යොදාගෙන සකස් කර තිබූ එහි විදුලි වයර පිටතට විහිදී තිබුණු බවයි පැවසෙන්නේ.

බලධාරීන් පවසන්නේ යාබද නිව්ජර්සි ප්‍රදේශයේ දී මීට පෙර පුපුරා ගිය පයිප්ප බෝම්බය හා මෙම පිපිරුම අතර සම්බන්ධයක් ඇති බවට සාක්‍ෂි හමුවී නැති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර