'මම වයස අවුරුදු දහයක ද්විත්ව ලිංගිකයෙක්'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මට තියෙන්නේ වෙනස් ලිංගිකත්වයක්'

Non-binary (නන් බයිනරි) පුද්ගලයන් යනුවෙන් හැඳින්වෙන්නේ තමන් ගැහැණු හෝ පිරිමි ලෙස නොසිතන අයයි.

ඔවුනට හැඟෙන්නේ තමන් තුළ ඒ ලක්‍ෂණ දෙකම පවතින බව හෝ ඒ ලක්‍ෂණ අතර වූ තත්වයක තමන් සිටින බවයි.

ලියෝගේ වයස අවුරුදු දහයකි.

ඔහුගේ/ඇයගේ ජීවිතකාලයෙන් වැඩි කොටසක් ගතවූයේ ගැහැණු ළමයෙකු ලෙසිනි.

එහෙත් මෙවර ග්‍රීෂ්ම නිවාඩුවේ දී තමන්ට ගැහැණු ළමයෙකු යයි ඇමතීම නිවැරදි නොවන බව ඔහුට/ඇයට හැඟිණි.

දෙමව්පියන්ගේ ද සහය ඇතිව කරන ලද සමීක්ෂණයකින් පසු ලියෝ තමන් පිරිමි සහ ගැහැණු ලක්‍ෂණ සහිත 'Non-binary' (නන් බයිනරි) ලිංගිකයෙකු බව තීරණය කළේය.

දැනට පිරිමි ළමයෙකුගේ නමක් සහ පිරිමි ළමයෙකුගේ ඇඳුම් පැළඳුම් අඳින ලියෝ ඔහුගේ/ඇයගේ කතාව බීබීසීයට පැවසූවේය.

ගැහැණු හෝ පිරිමි දෙපාර්ශවයටම තමන් අයත් නොවන බව සිතන බ්‍රිතානයේ දරුවකු පිලිබඳ එස් එල් සෙනෙහෙධීර ගොනුකළ වාර්තාවකට ඉහත හඬපටයෙන් සවන්දිය හැකිය.