නිව්ජර්සි පිපිරීමෙන් දුම්රිය සේවා අඩාලයි

Bomb squad on the scene in Elizabeth New Jersey Image copyright Reuters
Image caption නිව්ජර්සි ප්‍රාන්තයේ එලිසබත් වෙත පැමිණ සිටි බෝම්බ නිෂ්ක්‍රිය භට කණ්ඩායම්

නිව්යෝක් නගරයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සහ මිනසෝටා ප්‍රාන්තයේ සිදු වූ පිහි ඇනුම් ඇතුළු සති අන්තයේ සිදු වූ ප්‍රහාර තුනකින් පසු නිව්ජර්සි ප්‍රාන්තයේ තවත් පිපිරීමක් සිදු වී ඇති බව ඇමරිකානු බලධාරීහු පවසති.

බෝම්බ නිෂ්ක්‍රිය රොබෝවකු යොදා ගනිමින් පයිප්ප බෝම්බ අඩංගු බවට සැක කෙරුණු ගමන් මල්ලක් පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබූ උපකරණයක් පුපුරා ගොස් ඇති බවයි එලිසබත් නගරයේ නගරාධිපතිවරයා කියා සිටියේ.

නිව්ජර්සි ප්‍රාන්තයට අයත් දුම්රිය ස්ථානයක් අසල කැලිකසල බහාලනයක තිබී ඉහත කී ගමන් මල්ල සොයා ගනු ලැබ ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඒ සමග නගරයේ දුම්රිය සේවා අත්හිටුවා ඇති අතර පිපිරීම හේතුවෙන් කිසිවකුත් තුවාල ලබා නොමැත.

ඉහත කී ප්‍රහාර අතර කිසියම් සම්බන්ධයක් ඇත්දැයි තහවුරු කර ගැනීමේ උත්සාහයක ඇමරිකානු විමර්ශන කණ්ඩායම් මේ වන විට යෙදී සිටිති.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර