දුෂණ චෝදනා ලත් ඉන්දියානු නිලධාරියෙකු සිය දිවි නසාගෙන ?

Image copyright Getty Images
Image caption ජූලි මාසයේ දී ඔහු චෝදනාවට ලක්වූයේ පරීක්ෂණයට ලක්ව තිබූ සමාගමකින් ඩොලර් දහතුන් දහසක අල්ලසක් ගැනීම පිළිබඳවයි.

දුෂණ සහ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණයකට ලක්වී සිටි හිටපු ඉන්දියානු රාජ්‍ය නිලධාරියෙකු ගේ මළ සිරුර නවදිල්ලි අගනුවර ඔහුගේ නිවස තුළ තිබී සොයාගෙන ඇත.

ඔහුගේ පුත්‍රයාගේ මළ සිරුරද ඒ සමගම තිබුණු බවයි වාර්තා වන්නේ.

මූලික පරීක්ෂණ වලින් පැවසෙන්නේ ඔවුන් දෙදෙනා දිවි නසාගෙන ඇති බවයි.

සාමුහික කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ හිටපු ඉහළ පෙළේ නිලධාරියෙකු වන බී කේ බන්සාල් පසුගිය ජූලි මාසයේ දී චෝදනාවට ලක්වූයේ පරීක්ෂණයට ලක්ව තිබූ සමාගමකින් ඩොලර් දහතුන් දහසක අල්ලසක් ගැනීම පිළිබඳවයි.

ඔහු චෝදනාවට ලක්වීමෙන් පසු බිරිඳ සහ දියණිය සිය දිවි නසාගත්හ.

ඉන්දියාවේ වර්තමාන රජය දුෂණ මර්ධනය කිරීම සඳහා දැඩි නීති රීති හඳුන්වා දී තිබේ.

බීබීසී යෙන්