චීනයේ නාය යෑමෙන් විපතට පත් අය සොයා මෙහෙයුම්

Footage of landslide hitting Sucun village in China Image copyright CCTV
Image caption සාමාන්‍ය වැසියෙකු විසින් රූප ගත කළ නාය යෑමේ මොහොත රූපවාහිනියේ විකාශනය කෙරිණි

නැගෙනහිර චීනයේ සේජියන් පළාතේ පවතින අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ නාය යාම් දෙකකට පසු අවම වශයෙන් පුද්ගලයන් 32 දෙනෙකු අතුරුදහන් වී ඇත.

සේජියන් පළාතේ සුකුන් ගමේ නිවෙස් කිහිපයක් යටවී යාමෙන් පුද්ගලයන් 26 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි රජයේ මාධ්‍ය වාර්තා කළේ.

ෂින්හුවා ප්‍රවෘත්ති ආයතනය පලකළ වීඩියෝවක දැක්වෙන්නේ කන්දක් මුදුනේ සිට පහලට ගොඩනැගිලි ඇතුළු සුන්බුන් තල්ලු වී යන ආකාරයයි.

එහිදී පුදගලයන් පහළොස් දෙනෙකු මුදා ගැනීමට හැකිවිය.

වෙන්චෙන් පළාතේ දී තවත් පුද්ගලයන් හය දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි ෂින්හුවා පුවත්සේවය පවසන්නේ.

Image copyright AFP
Image caption මෙගි කුණාටුව හේතුවෙන් ෆුජියාන් පළාතේ ගංවතුර තත්වයක් ඇතිවී තිබේ.
Image copyright AFP
Image caption පැයට කිලෝමීටර 118 ක වේගයෙන් සුළං හමාගිය බවයි චීන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ

බීබීසී යෙන්