'පාර හදන තෙක් මම මඩ වතුරේ'

Woman bathing in pothole in Thailand Image copyright HA GAREANG / FACEBOOK

තමන් ජීවත්වන ප්‍රදේශයේ අබලන් මහාමාර්ග පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය ලබාගැනීමට වඩාත් හොඳ ක්‍රමය කුමක්ද?

බලධාරීන්ට ලිපියක් ලිවීමද ? සමාජ මධ්‍යජාලා ඔස්සේ විරෝධය පළ කිරීමද? එසේ නැතිනම් මහපාරේ මඩ වළක බැස දිය නෑමද?

බැංකොක් නගරයේ ජීවත්වන පාම් නමැති නිරූපිකාවක් ඒ සඳහා වෙනත් ක්‍රමයක් යොදා ගැනීමට තීරණය කළේ ඇය තම ඥාතීන් සිටින තායිලන්තයේ ටාක් පළාතේ කැඩී බිඳී ගිය මංමාවත් වල ගමන් කර හෙම්බත් වීමෙන් පසුවයි.

ස්නානය කිරීමේදී කාන්තාවන් පළඳින හිස් වැස්මකින් සහ දිය රෙද්දකින් සැරසුණු ඇය මාර්ග අනතුරු වලට පවා තුඩු දෙන මඩ වතුරින් පිරීගිය අබලන් මහාමාර්ගයේ වූ වලකට බැස දිය නෑවාය.

Image copyright HA GAREANG / FACEBOOK

ඇය දිය නාන ඡායාරුපය තායිලන්තයේ සහ චීනයේ සමාජ මාධ්‍යජාලා වල බොහෝ සේ ජනප්‍රියව තිබුණි. පාම් ගේ ක්‍රියාව අනුකරණය කරමින් තම තමන්ගේ ප්‍රදේශවල අබලන් මහාමාර්ග වෙත බලධරයින්ගේ අවධානය යොමුකරවා ගැනීමට ඔවුහු ක්‍රියා කළහ.

කහ පැහැති ඇඳුමකින් සැරසී කාන්තාවක් මේ අනුකරණය කරන්නේ ඊසානදිග තායිලන්තයේ චයියාපුම් හිදී පාම් විසින් දැක්වූ විරෝධයයි.

Image copyright SINOVISION

ඊසානදිග තායිලන්තයේ කොන් කඑන් පළාතේ වැඩිහිටි කාන්තාවන් පිරිසක් ද පාම් ගේ විරෝධතාව අනුගමනය කළහ.

Image copyright Weibo
Image copyright Weibo

ඔවුන් චෝදනා කළේ පසුගිය වසර තිහක කාලය තුළ රජය විසින් එම ප්‍රදේශයේ මහාමාර්ග අලුත්වැඩියා නොකළ බවටයි. එහෙත් දැන් වර්ෂා කාලය අවසන් වූ පසු මහාමාර්ග අලුත් වැඩියා කර දෙන බවට බලධාරීන්ගෙන් පොරොන්දුවක් ලැබී තිබේ.

පාම් ගේ විරෝධය පළදායක වී ඇති බව පෙනෙන්නේ පමාවීමකින් තොරව මහාමාර්ග සියල්ල අලුත්වැඩියා කරන ලෙස ටාක් පළාතේ ආණ්ඩුකාරවරයා අදාළ ආයතනවලට නියෝග කර තිබීමෙන්.

Image copyright FACEBOOK

මේ අතර රජය ක්‍රියාත්මක වනතුරු බලා නොසිට ඇතැමුන් පුද්ගලිකව මාර්ග අලුත් වැඩියාව කළ අවස්ථා ද ඇත. විශ්‍රාමික ජර්මන් ජාතික ඉංජිනේරුවෙකු වන පීටර් ගෝමාන් සමාජ මාධ්‍යජාල වල ප්‍රසංශාවට ලක්වී ඇත්තේ ඔහු තම නිවස ආසන්නයේ මහාමාර්ග ස්වේච්චාවෙන් පිළිසකර කරන ආකාරය ඔහුගේ තායි බිරිඳ විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බෙදා හැරීමෙන් පසුවයි.

Image copyright Kusuma Namwong
Image caption පීටර් මහාමාර්ගය අලුත් වැඩියාකරමින්

කෙසේවුවද අබලන් මහාමාර්ග පිලිබඳ ප්‍රශ්නය තයිලන්තයටම පමණක් සීමාවූවක් නොවේ.

පසුගිය වසරේ ඉන්දියාවේ බැංගලෝරයේ කලාකරුවෙකු වන බාදල් නන්ජුන්දාස්ස්වාමි ජීවමාන ප්‍රමාණයේ කිඹුලෙකුගේ මූර්තියක් මහාමාර්ගයේ නිර්මාණය කළේද අබලන් මහාමාර්ග පිළිබඳව අවධානය යොමුකරවීම පිණිසයි.

Image copyright AFP

බීබීසී යෙන්