ඉන්දියාවට අළුත් ආදායම් මාර්ගයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චන්ද්‍රිකා තාක්ෂණය: ඉන්දියාවේ නව ධන උල්පත

ඔබ ඉන්දියාව නොවෙයි නම් අභ්‍යාවකාශ ගවේෂණය ඉතාමත් වියදම් සහගත ව්‍යාපාරයක්.

මීට හේතුව ඉන්දියාව චන්ද්‍රිකා අභ්‍යාවකාශ ගත කරන්නේ විදේශීය රටවල් සිය චන්ද්‍රිකා ඉන්දීය රොකට්ටු මගින් කක්ෂ ගත කිරීමට ගෙවනු ලබන මුදල් වියදම් කිරීමෙන්.

ඩොලර් ප්‍රකෝටි ගණනක මුදල් සංසරණය වන අභ්‍යවකාශ වෙළඳපොළ තුළ ප්‍රමුඛ පෙළ දැවැන්තයකු වශයෙන් ඉන්දියාව මතු වෙමින් සිටින බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය සිය චන්ද්‍රිකා රැගෙන යන රොකට්ටු පවතින අතිරේක ඉඩකඩ විදෙස් චන්ද්‍රිකා රැගෙන යාමට භාවිතා කරමින් සිය රටට අදායම් ඉපයීමේ මාර්ගයක් හඳුන්වා දී තිබේ.

'වැය කරන මුදලට වඩා ප්‍රතිලාභ'

ඉන්දියාවේ මෙතරම් දිළිඳු බව ගැටලුවක්ව තිබියදී විශාල ප්‍රමාණයෙන් අභ්‍යාවකාශ ව්‍යාපෘති වලට මුදල් වැය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය විශාල වශයෙන් විවේචන වලට ලක්ව සිටියි.

කෙසේ වෙතත් ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂකයන් පවසන්නේ මෙම ව්‍යාපෘති වලට වැය කරන මුදලට වඩා ඉන්දියාව ප්‍රතිලාභ ලබන බවයි.

ඉහළ නිරවද්‍යතාවකින් යුතු කාලගුණ වාර්තා ලබා ගැනීමට, පැහැදිලි සිතියම් පද්ධති ගොඩනැගීමට පමණක් නොව විදේශයන්ගෙන් මුදල් ඉපයීමටද මෙම ව්‍යාපෘති ඉඩ සලසන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වන විට ඉන්දියාව විදේශ රටවලට අයත් චන්ද්‍රිකා හැත්තෑ හතරක් කක්ෂ ගත කර ඇති අතර ඉන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් කෝටි දොළහ ඉක්මවයි.

බීබීසි වාර්තාකාරිණි යෝගිටා ලීමයි විසින් ඉන්දියාවේ බැංගලෝර් සිට ගෙන ආ වාර්තාවක් ඇසුරෙන් සැකසූ වීඩියෝව නරඹන්න.