පකිස්තාන් සිනමාහල් වල ඉන්දියානු චිත්‍රපට තහනම්

Bollywood actress Deepika Padukone displays a creation by India designer Manish Malhotra in Delhi (20 July 2016)i Image copyright AP
Image caption දීපිකා පදුකොන් ඇතුළු බොලිවුඩ් නිළියන් රඟන චිත්‍රපට පකිස්තානයේ බෙහෙවින් ජනප්‍රියව පවතී

පකිස්තාන සන්නද්ධ හමුදාවන්ට සහය පළකිරීමක් ලෙස එරට ප්‍රධාන සිනමාහල්වල ඉන්දියානු චිත්‍රපට තිරගත කිරීම තහනම් කරයි.

ලාහෝරය, කරච්චිය සහ ඉස්ලාමාබාද් යන නගර වල මෙම ප්‍රදර්ශණ තහනම පනවා ඇත.

මතභේදයට ලක්වී ඇති කාශ්මීර දේශ සීමාවේ සිටින දෙරටේ හමුදාවන් අතර ගැටුම්කාරී තත්වය වැඩිවෙමින් පවතිද්දීය මෙම තහනම පැනවී ඇත්තේ.

බ්‍රහස්පතින්දා ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංගමය පකිස්තාන නළුවන් ඉන්දියානු බොලිවුඩ් චිත්‍රපට වල රඟපෑම තහනම් කළේය.

Image copyright EPA
Image caption කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටුම්කාරී වාතාවරණය උත්සන්න වීමත් සමග පකිස්තාන දේශ සීමාවේ සිටින ඉන්දියානුවන් ගම්බිම් හැරයාමට පටන්ගෙන තිබේ.

අවම වශයෙන් එක් දක්ෂිණාංශික පකිස්තාන දේශපාලනඥයෙක්වත් ඉන්දියාවේ සිටින පකිස්තාන නළුවන්ට ඉන්දියාවෙන් පිටවන ලෙස නියම කළ බවයි වාර්තා වන්නේ.

බීබීසීයේ දකුණු ආසියා කලාපයේ සංස්කාරක චාර්ල්ස් හැවිලෑන්ඩ් පවසන්නේ ඉන්දු- පකිස්තාන් දෙරටේ දුර්වලවූ අන්තර් සබඳතා සංස්කෘතිකාංග කෙරෙහි බලපෑම් එල්ල කළ ප්‍රථම අවස්තාව මෙය නොවන බවයි.

මහාපරිමාණ පකිස්තාන සිනමා සංවිධාන පවසන්නේ අවම වශයෙන් සති දෙකක කාලයකට හෝ එසේ නැතිනම් දෙරට අතර සබඳතා යථාතත්වයට පත්වනතුරු ඉන්දියානු චිත්‍රපට පෙන්වීම නවතා දැමීමට තීරණය කළ බවයි.

බොලිවුඩ් චිත්‍රපට පකිස්ථානය තුළ ඉතාමත් ජනප්‍රියව පවතින හෙයින් ඒවා පෙන්වීම නැවැත්වීම තුලින් සිනමා හල් වල ආදායමට බලපෑමක් එල්ලවන බව ඔවුහු පිළිගනිති.

මේ මස මුල් භාගයේ ඉන්දීය හමුදා කඳවුරකට කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ඉන්දියානු සොල්දාදුවන් දහ අට දෙනෙකු මිය යාමෙන් පසු කාශ්මීර කලාපයේ පවතින්නේ ඉතා උණුසුම්කාරී වාතාවරණයකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර