අලෙප්පෝ නගරයට කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර දිගටම

Image copyright AFP
Image caption පසුගිය සතියේ පමණක් ළමුන් ඇතුළු සාමාන්‍ය වැසියන් 400 ක් අලෙප්පෝ වල ප්‍රහාර හේතුවෙන් මරණයට පත්වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

සිරියාවේ අලෙප්පෝ නගරයට ඊයේ රාත්‍රී කාලයේ දිගටම එල්ල වූ ගුවන් ප්‍රහාරයෙන් පසු කාලතුවක්කු ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව එහි සිට ලැබෙන වාර්තාවල සඳහන් වේ.

මේ අතර සන්නද්ධකරුවන්ගේ පාලනයේ පවතින නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි රෝහලකට බැරල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව තහවුරු නොකළ ආරංචි මාර්ග පවසයි.

රජයේ හමුදාව පැරණි නගරය ඉලක්ක කරමින් ෂෙල් ප්‍රහාර එල්ල කරන බවත් තවත් ප්‍රදේශ දෙකක කළහකාරී ගැටුම් පැවති බවත් සිරියානු මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂකයන් ප්‍රකාශ කර තිබේ.

රජයේ පාලනයේ පවතින අලෙප්පෝ නගරයේ බටහිර ප්‍රදේශය ඉලක්ක කර කැරලිකාර කණ්ඩායම් ද කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර