තවත් සංක්‍රමණිකයන් දහස් ගණනක් මුදා ගැනෙයි

Image caption දින දෙකක් තුළ දස දහසකට වැඩි සංක්‍රමණිකයන් සංඛ්‍යාවකගේ දිවි බේරාගත් බවයි පැවසෙන්නේ

දෙවැනි දිනයටත් අඟහරුවාදා තවත් දහස් ගණනක් සංක්‍රමණිකයන් පිරිසකගේ ගේ දිවි බේරාගත් බව ලිබියාවට නුදුරු මුහුදේ දිවි බේරාගැනීමේ මෙහෙයුම් වල යෙදී සිටින ඉතාලි වෙරළාරක්ෂක කණ්ඩායම පවසයි.

මළ සිරුරු විසි අටක් ද සොයා ගත් බවයි වාර්තා වන්නේ.

ඔරොත්තු දෙන ප්‍රමාණයට වඩා පිරිසක් නංවාගෙන යාත්‍රා කරමින් තිබූ දැවයෙන් තැනූ බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් විසි දෙදෙනෙකු මරණයට පත්වී තිබුණි.

දින දෙකක් තුළ දස දහසකට වැඩි සංක්‍රමණිකයන් සංඛ්‍යාවකගේ දිවි බේරාගත් බව වාර්තා වන අතර පවතින නිශ්චල කාලගුණ තත්වය මිනිස් ජාවාරම් කරුවන්ගේ වාසියට හේතුවී තිබේ.

සඳුදා ලිබියාව ආසන්නයේ දී හය දහසකට වැඩි අනවසර සංක්‍රමණිකයන් පිරිසක් බේරා ගැනුණු අතර ඔවුන් වැඩිදෙනා අප්‍රිකානුවන් බවයි පැවසෙන්නේ.

ඒ අතරින් ගර්භිනී කාන්තාවකගේ මළ සිරුර ඇතුළුව සිරුරු නමයක් හමුවිය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර