ජන ජීවිත වනසමින් ‘මැතිව්’ෆ්ලොරිඩා දෙසට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජන ජීවිත වනසමින් 'මැතිව්' ෆ්ලොරිඩා දෙසට

දශකයකට ආසන්න කාලයක් තුළ කැරිබියන් කලාපය මුහුණ දුන් දරුණුතම කුණාටුව හේතුවෙන් හයිටි රාජ්‍යයේ දහස් ගණනක් ජනතාව උන්හිටි තැන් අහිමි වී සිටිති.

කුණාටුවෙන් බරපතළ හානි සිදු වූ ප්‍රදේශ වෙත ළඟා වීමේ උත්සාහයක එරට බලධාරීහු නිරත වෙති.

මැතිව් කුණාටුව පැයට කිලෝමීටර 230 ක වේගයකින් හයිටි රාජ්‍යය හරහා හමා ගොස් ඇති අතර ඒ හේතුවෙන් හයිටි සහ අසල්වැසි ඩොමිනිකන් ජනරජයේ පුද්ගලයන් හය දෙනකු මරුමුවට පත් වී ඇති බවයි බලධාරීන් පවසන්නේ.

මීට වසර හයකට පෙර හයිටි රාජ්‍යය මුහුණ දුන් දරුණු භූමිකම්පාවට හසු වී විපතට පත් දස දහස් ගණනක් වැසියෝ තවමත් කුඩාරම් තුළ දිවි ගෙවති.

කුණාටුව මේ වන විට කියුබාවේ ඊසාන දිග වෙරළ කලාපය හරහා බහමා දූපත් සහ එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය දෙසට ගමන් කරමින් තිබෙන අතර එම ප්‍රදේශ තුළ අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබ තිබේ.

එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ සාමාන්‍ය වැසියන් දස ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඉන් ඉවත් කිරීමට බලධාරීහු කටයුතු කරමින් සිටිති.