බලුකිස්තානයේ බෝම්බ ප්‍රහාර රැල්ලක්

  • 2016 ඔක්තෝබර් 7

පාකිස්තාන බලුකිස්තාන් ප්‍රාන්තයට එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

ක්වේටා ප්‍රාන්තයේ සිට රාවල්පින්ඩි බලා ධාවනය වෙමින් තිබූ සීග්‍රගාමී දුම්රියක් ඉලක්ක කොට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

පූර්ව සැලසුම් සහිතව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි සැක කරන්නෙ.

පාකිස්තාන බලධාරීන් ප්‍රකාශ කළේ පළමු ප්‍රහාරය එල්ල වී මිනිත්තු විස්සකට පසුව, ඊළඟ ප්‍රහාර එල්ල වී ඇති බවයි.

මෙම බෝම්බය දුම්රිය තුළ ද නැතහොත් දුම්රිය පීල්ලක සවි කර තිබුණා ද යන්න පිළිබඳ තවම පැහැදිළි නැති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

ප්‍රහාර වලින් දාසය දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.