ට්‍රම්ප්ට දුන් අනුමැතිය ඉවත්කරගන්න - ඔබාමා

  • 2016 ඔක්තෝබර් 12
Image caption ට්‍රම්ප් වෙත සහය පළකරන අතරේ, කාන්තාවන් පිළිබඳ ඔහු විසින් කරනලද ප්‍රකාශ පමණක් හෙළාදැකීමෙන් පළක් නොවන බවය ඔබාමා පවසන්නේ

ඇමරිකාවේ ජනාධිපති ලෙස ධවලමන්දිරයට යැවීම සඳහා, තම අපේක්ෂකයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලබාදුන් අනුමැතිය ඉවත්කරගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා ඉහළ පෙළේ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියි.

හිලරි ක්ලින්ටන් හට සහය දැක්වීම පිණිස පැවැති ප්‍රචාරක රැළියක දී ඔබාමා පැවසුවේ, ලෝකයේ බලවත්ම රැකියාවේ යෙදීම සඳහා ට්‍රම්ප් වෙත සහය පළකරන අතරේදී, කාන්තාවන් පිළිබඳ ඔහු විසින් කරන ලද මතභේදයට තුඩු දුන් ප්‍රකාශ පමණක් හෙළාදැකීමෙන් පළක් නොවන බවය.

ඩොනල්ඩ් ට්‍රම්ප්, කාන්තාවන් ඇසුරුකිරීම පිළිබඳ පුරසාරම් දොඩන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් නිකුත්වීමෙන් අනතුරුව, කතානායක පෝල් රයන් ඇතුළු බොහෝ ඉහළ පෙළේ රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෝ ඔහුගෙන් ඈත්වූහ.

රිපබ්ලිකන් නායකයින් තමන්ට අපක්ෂපාතී වීම පිළිබඳව ඔවුනට දෝෂාරෝපණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමා නිවැරදි යැයි සිතන ආකාරයට ඇමරිකාව වෙනුවෙන් සටන් කිරීමට දැන් තමාට නිදහස ඇති බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර