බ්‍රසීලයේත් 'ඇත් අතුරු සෙවනක්'

Asian elephants Guida and Maia stand together for the first time in the adaptation area of their new home, Latin America's first elephant sanctuary Image copyright AP
Image caption ආසියානු අලින් වන 'ගුයිඩා' සහ 'මයියා'

අලිඇතුන් සඳහා වන ලතින් ඇමෙරිකානු පළමු අභයභූමිය බ්‍රසීලයේ විවෘත විය.

සර්කස් සංදර්ශන සඳහා යොදා ගන්නා ලද සද්දන්තයන් පනස් දෙනකු පමණ අලුතින් විවෘත කෙරුණු අභයභූමියේ රැඳවීමට නියමිතයි.

හතළිස් විය ඉක්මවූ 'ගුයිඩා' සහ 'මයියා' එහි පළමු පදිංචිකරුවෝ වෙති.

පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අතරම එම අලි ඇතුන්ට කැලෑවේ නිදැල්ලේ සැරි සරමින් වනපල බුදීමට අවස්ථාව සලසා ඇති බවයි නව අභයභූමියේ කාර්ය මණ්ඩලය පවසති.

ලතින් ඇමරිකාව පුරා පිහිටි සත්වෝද්‍යාන වසා දැමීම සහ සර්කස් සංදර්ශන සඳහා සතුන් යොදා ගැනීම තහනම් කෙරෙන නීති දැඩි කෙරෙමින් පවතින තත්වයක් යටතේ අලිඇතුන්ට සෙවන ලබා දීම සඳහා ඇමරිකාව මූලස්ථානය කොට ගත් කණ්ඩායමක් විසින් අදාළ ඉඩම මිල දී ගනු ලැබ ඇත.

Image copyright AP
Image caption වසර ගණනාවක් ගොවිපලක විසූ 'ගුයිඩා'
Image copyright AP
Image caption සර්කස් සංදර්ශන සඳහා යොදා ගැනුණු 'මයියා'
Image copyright AP
Image caption ලතින් ඇමරිකාවේ විවෘත කරන ලද අලිඇතුන් සඳහා වූ පළමු අභයභූමිය
Image copyright AP
Image caption අභයභූමිය සංචාරකයන් සඳහා විවෘත නොවේ

සර්කස් සංදර්ශන සඳහා යොදා ගැනීම පිණිස නීති විරෝධී ආකාරයෙන් ගෙන්වා ගනු ලැබූ 'ගුයිඩා' සහ 'මයියා' තායිලන්තයේ උපත ලබා ඇති බව විශ්වාස කෙරේ.

'Global Sanctuary for Elephants'නමැති සත්ව සංවිධානය විසින් අභයභූමියට අයත් අක්කර 2800 ක භූමි ප්‍රදේශය මිලදී ගනු ලැබ ඇත්තේ ඇමරිකානු ඩොලර් දස ලක්ෂයකටය.

අදාළ මුදල වසර පහක් තුළ ගෙවා නිම කිරීමට නියමිත අතර නව අලි අභයභූමිය සංචාරකයන් සඳහා විවෘත නොවේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්