පාලමක් කඩා වැටී නවයක් මරුට

The "Yellow Bridge" which connects Nusa Lembongan and Nusa Ceningan, two islands located east of the resort island of Bali, Indonesia is seen on 29 November 2015 Image copyright Reuters
Image caption බාලි දූපතට නුදුරින් පිහිටි කුඩා දූපත් දෙකක් අතර වැටී තිබූ පාලම

බාලි දූපත ආසන්නයේ පිහිටි පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් නව දෙනකු මරුමුවට පත් වී ඇති බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.

අනතුරින් තවත් පුද්ගලයන් තිස් දෙනකුවත් තුවාල ලබා ඇති බවත් බලධාරීහු කියා සිටියහ.

ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ අනතුර සිදු වන අවස්ථාවේ ආගමික උත්සවයකට සහභාගී වනු පිණිස විශාල පිරිසක් පාලම මතින් ගමන් කරමින් සිටි බවය.

යතුරු පැදි කීපයක් මුහුදට වැටී තිබෙන අතර සෙවීමේ සහ බේරා ගැනීමේ මෙහෙයුම් සඳුදා නැවත ආරම්භ වීමට නියමිත බවත් බලධාරීහු කියා සිටියහ.