බංග්ලාදේශ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය නවතා දමන්න - UNESCO

Image caption 'රම්පාල් ප්ලාන්ට්' නම් වූ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය 'සුන්දර්බාන්ස්' වන ලැහැබට දැඩි හානියක් සිදුකරනු ඇති බවයි පැවසෙන්නේ

යෝජිත ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය අවලංගු කරන ලෙස සංස්කෘතික කටයුතු පිලිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය වන UNESCO සංවිධානය බංග්ලාදේශයෙන් ඉල්ලා සිටී.

2018 වසරේ දී එම බලාගාරය විවෘත කිරීමට නියමිතව ඇත්තේ 'සුන්දර්බාන්ස්' නම් ලෝකයේ විශාලතම කඩොලාන වනයට සමීපවය.

UNESCO සංවිධානය සහ ලෝක සංරක්ෂණ සංගමය (IUCN) ප්‍රකාශ කළේ ඉන්දියාව සමග එක්ව ක්‍රියාත්මකවන 'රම්පාල් ප්ලාන්ට්' නම් වූ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය ලෝක උරුමයක් ලෙස නම්කර ඇති 'සුන්දර්බාන්ස්' වන ලැහැබට දැඩි හානියක් සිදුකරනු ඇති බවය.

බංග්ලාදේශය තුළ මෙම බලාගාරයට එරෙහිව විරෝධතා පැවැත්වෙන බව ද වාර්තාවේ.

පසුගිය අඟහරුවාදා (ඔක් 18) ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය වෙත ගමන් කරමින් සිටි විරෝධතාකරුවන් පිරිසකට පොලීසිය කඳුළු වායු ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී පුද්ගලයන් කිහිප දෙනෙකුට තුවාල සිදුවිය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්