ජීවතුන් අතර නැති බ්‍රිතාන්‍ය සමරිසි පුරුෂයන්ට සමාව

Image copyright Getty Images
Image caption බ්‍රිතාන්‍ය ජාතික රහස් පණිවුඩ කියවන්නෙකු වූ ඇලන් ටියුරින් බලහත්කාර වන්ද්‍යාකරණයට ලක් කළේ සමලිංගික ඇසුරක් පැවැත්වීම හේතුවෙනි

සම ලිංගික සබඳතා නීත්‍යනුකූල කිරීමට පෙර ලිංගික අපචාර චෝදනාවලට වැරදිකරුවන් වී සිට ජීවිතක්‍ෂයට පත්වූ දහස් ගණනක් බ්‍රිතාන්‍ය සමරිසි පුරුෂයන්ට සමාව ප්‍රදානය කිරීමට බ්‍රිතාන්‍ය බලධරයෝ තීරණය කර ඇත.

දැනට ජීවතුන් අතර සිටින එවැනි චූදිතයන්ට ඉල්ලුම් කිරීමකින් තොරවම සමාව හිමිවනු ඇත.

දෙවන ලෝක යුද්ධයේ දී නාසි ජර්මනිය පරාජය කිරීමට විශාල මෙහෙයක් කළ බ්‍රිතාන්‍ය ජාතික, රහස් පණිවුඩ කියවන්නෙකු වූ ඇලන් ටියුරින් පිළිබඳ නඩු විභාගය පාදක කර ගනිමින් මෙම තීන්දුව ගෙන තිබේ.

තවත් පුරුෂයෙකු සමග අවිනීතව හැසිරීමේ චෝදනාව මත 1952 දී බලහත්කාරයෙන් රසායනික වන්ද්‍යාකරණයට ලක්වූ ඇලන්, වසර දෙකකට පසු සිය දිවි නසා ගත්තේය.

ඔහුගේ දිවි නසා ගැනීමට ඔහු ලද දඬුවම හේතු වූ බවට විශ්වාස කෙරේ.

2013 දී එළිසබෙත් රැජින ඔහුට සමාව ප්‍රදානය කළාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර