ජපානයේ නගර උද්‍යානයක පිපිරීම් දෙකක්

Image copyright AFP
Image caption පිපිරීම් සිදුවෙද්දී උද්‍යානයේ උත්සවයක් පැවැත්වෙමින් තිබූ බවයි වාර්තාවන්නේ

ජපානයේ උත්සුනොමියා නගරයේ උද්‍යානයකදී එකිනෙකට ආසන්න කාලයක දී සිදුවුණු පිපිරීම් දෙකක් හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකුට තුවාල සිදුවිය.

උද්‍යානයට ආසන්නයේ ඇති රථ ගාලක තිබූ මෝටර්රථ කිහිපයක්ද මෙම පිපිරීම්වලින් ගිනිගෙන තිබිණි.

මෙම පිපිරීම් සහ ගින්නට හේතුව තවමත් සොයාගෙන නැත.

Image copyright AFP
Image caption එක් මෝටර් රථයක් තුල තිබී මළ සිරුරක් හමුවී ඇත

ජපානයේ NHK මාධ්‍ය ආයතනය පවසන්නේ සියදිවි හානිකරගන්නා බව පවසන ලිපියක්ද සමග වයස 72 ක් වන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගිනිගනිමින් තිබූ එක් මෝටර් රථයක තිබී හමුවූ බවය.

ඔහුගේ නිවස ද එදිනම දහවල් කාලයේ ගිනිබත් වී තිබුණි.

පිපිරීම් සිදුවෙද්දී උද්‍යානයේ උත්සවයක් පැවැත්වෙමින් තිබූ බවද වාර්තා වී ඇත.

බීබීසී යෙන්