කැමරූන් දුම්රිය අනතුර: මරණ සංඛ්‍යාව හැත්තෑව දක්වා ඉහළට

  • 2016 ඔක්තෝබර් 23
A passenger escapes a train car using a window as others leave from the site of a train derailment in Eseka on October 21, 2016. Image copyright AFP
Image caption දුම්රිය පීලි පැනීමට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ

කැමරූන් රාජ්‍යයේ සිදු වූ දුම්රිය අනතුරින් මරුමුවට පත් සංඛ්‍යාව හැත්තෑව දක්වා ඉහළ ගොස් ඇති බව එරට බලධාරීහු පවසති.

'ඩුආලා'සහ 'යාඋන්ඩේ' යන නගර දෙක අතර ධාවනය වෙමින් තිබූ දුම්රිය පීලි පැනීම හේතුවෙන් එහි ගමන් ගත් මගීන් හයසිය දෙනකු තුවාල ලබා තිබේ.

සිකුරාදා පැවති අධික වර්ෂාව හේතුවෙන් නගර දෙක අතර වැටී තිබූ පාලමක් කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් නගරය බලා යන විශාල පිරිසක් දුම්රියේ ගමන් කොට ඇති බව බලධාරීහු කියා සිටියහ.

මගීන් විශාල වශයෙන් පැමිණීම නිසා අතිරේක මැදිරි කීපයක් දුම්රියට සම්බන්ධ කිරීමට සිදු වූ බව ඇසින් දුටුවෙක් කියා සිටියේය.

දුම්රිය පීලි පැනීමට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.