මත්පැනින් සමතැනට?

  • 2016 ඔක්තෝබර් 25
Image copyright Thinkstock

පුරුෂයන් පරිභෝජනයකරන මත්පැන් ප්‍රමාණයට සමාන ඒකක ප්‍රමාණයක් මේවන විට කාන්තාවන් ද පරිභෝජනය කරන බව ලොව පුරා රටවල ක්‍රියාත්මක කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

මෙම අධ්‍යයනය සඳහා 1891 වසර සහ 2001අතර කාල පරිච්ඡේදය තුළ උපත ලද ලක්ෂ හතළිහක පිරිසක් නියැඳි වශයෙන් යොදාගෙන ඇත.

මත්පැන් නිෂ්පාදකයින් විසින් ගෙනයන ලද ප්‍රචාරක වැඩසටහන්වල සාර්ථකත්වය මෙන් ම මත්පැන් මිල ක්‍රමයෙන් පහත වැටීම ද කාන්තාවන්ගේ මත්පැන් පරිභෝජනය ක්‍රමයෙන් ඉහළ යාමට හේතුවූ බව එම අධ්‍යයනය හෙළි කරයි.

ඊට අමතරව කාන්තාවන් පුරුෂයන්ට සමාන්තරව රැකියාවල නිරත වීමත් කාර්යාල වේලාවෙන් පසු මත්පැන් පානය පුරුද්දක් කරගැනීමත් මෙලෙස කාන්තාවන් පරිභෝජනය කරන මත්පැන් ඒකක ප්‍රමාණය ඉහළ යාමට හේතු වී තිබේ.

පොදු සෞඛ්‍ය සේවා ව්‍යාපෘති මගින් කාන්තාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඕස්ට්‍රේලියාවේ 'නිව් සවුත් වේල්ස්' විශ්වවිද්‍යාලය විසින් මෙහෙයවනු ලැබ ඇති මෙම අධ්‍යයනයේ සාරාංශය පෙන්වා දෙයි.