පකිස්තාන මහකොමසාරිස් කාර්යාල සේවකයෙකුට ඔත්තු බැලීමේ චෝදනා

Image caption කාශ්මීර ප්‍රශ්ණය මත ඉන්දියාව සහ පකිස්තානය අතර අමනාපයක් ගොඩනැගෙමින් පවතින අතරය මෙම සිදුවීම වාර්තාවන්නේ

ඉන්දියාවේ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාල සේවකයෙකු ඔත්තු බැලීමේ යෙදුනු බවට චෝදනා කරන ඉන්දියානු රජය ඔහු රටින් පිටවිය යුතු බව පවසයි.

එරට ජනමාධ්‍ය පවසන්නේ ප්‍රශ්ණ කිරීම සඳහා එම පුද්ගලයා රඳවා තබාගෙන සිටි අතර පසුව රාජ්‍යතාන්ත්‍රික මුක්තිය මත නිදහස් කළ බවය.

මේ අතර ආරක්‍ෂාවට සම්බන්ධ සංවේදී තොරතුරු ඉහතකී පුද්ගලයාට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ පුද්ගලයන් දෙදෙනෙක් ද අත්අඩංගුවට පත්වූහ.

එසේවුවද, තවමත් මේ සම්බන්ධයෙන් පාකිස්තානය ප්‍රතිචාර දක්වා නැත.

බීබීසී යෙන්