තුර්කි ගුවන් නියමුවන් හැත්තෑතුනකට කුමන්ත්‍රණ චෝදනා

Image copyright Getty Images
Image caption හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වීමෙන් පසු

තුර්කියේ හමුදා ගුවන් නියමුවන් හැත්තෑතුන් දෙනකු අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය පියවර ගෙන තිබේ.

එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කළ පරිදි එම ගුවන් නියමුවන් අත්අඩංගුවට ගැනෙන්නේ පසුගිය ජූලි මාසයේ ක්‍රියාත්මක වූ අසාර්ථක කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල එක් පියවරක් ලෙසිනි.

රැඳවුම් නියෝගයට ලක්වූ ගුවන් නියමුවන් රැඳී සිටිනේනේ මධ්‍යම තුර්කියේ කොන්යා නගරයේ පිහිටි ගුවන් කඳවුරක ය.

සන්නද්ධ කැරැල්ලට සහය වීම, ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සහ දැනට රටින් පිටුවහල් කර ඇති තුර්කි පූජක ෆෙතුල්ලාහ් ගුලාන් සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් ගුවන් නියමුවන්ට එරෙහිව චෝදනා නැගී ඇත.

මේ අතර අදාළ ගුවන් හමුදා කඳවුරේ සේවයේ නිරත වී සිටි හමුදා භටයන් විසිනව දෙනෙකු පසුගිය සතියේ අත්අඩංගුවට ගැනිණ.

හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වූ දින සිට තුර්කියේ ජනාධිපති රෙසීප් තායිබ් එර්දොවාන්ගේ නියෝගය මත තුන්දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.