'යටත්වීම හෝ මරණය' - ඉරාක අගමැති IS කැරලිකරුවන්ට දන්වයි

Members of an Iraqi Shiite militia inspect the frontline during a campaign against the Islamic State (IS) militants in the formerly IS held town of Zarka, 20 km west of Mosul, 31 October 2016 Image copyright EPA
Image caption ඉරාක හමුදා වෙත කුර්දි සහ සුන්නි අරාබි වාර්ගික කණ්ඩායම් නියෝජනය කරන හමුදා සහාය ලබා දෙති

ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් අත පවතින අවසන් බලකොටුව වන මෝසුල් නගරය කරා ඉරාක විශේෂ හමුදා ළඟා වෙමින් සිටිති.

රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ජාතිය ඇමතූ ඉරාක අගමැති හයිදර් අල් අබාදි මෝසුල් නගරයේ සිටින අයිඑස් කැරලිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ආයුධ බිම තබා සිය හමුදා වෙත යටත් වන ලෙසය.

"ඔවුන්ට වෙනත් විකල්පයක් නැහැ. යටත් වෙන්න පුළුවන් නැතිනම් ඔවුන්ට මිය යා හැකියි." අගමැතිවරයා සඳහන් කළේය.

Image copyright AFP
Image caption මෝසුල් නගරය ආසන්නයේ පිහිටි ගම්මානයකට ඇතුළු වූ ත්‍රස්ත මර්දන හමුදා භට කණ්ඩායම්
Image copyright Reuters

මෝසුල් නගරයේ නැගෙනහිර කලාප සීමාවට කිලෝමීටරයක් දුරින් සිට ප්‍රහාර එල්ල කරන ඉරාක හමුදා නගරයට ඇතුළු වීමට සුදානම් වෙමින් සිටිති.

ඉදිරියට ඇදෙමින් බලය තහවුරු කර ගනිමින් සිටින ඉරාක හමුදා වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන අයිඑස් කැරලිකරුවෝ පුපුරන ද්‍රව්‍ය පිරවූ මෝටර් රථ යොදා ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරති.

ඉදිරියට ඇදෙන ඉරාක හමුදා වෙත ගුවනින් සහාය ලබා දෙන ඇමරිකාව ප්‍රමුඛ සන්ධානය අයිඑස් ගොඩනැගිලි ඉලක්ක කොට ගුවන් ප්‍රහාර හතරක් හෝ පහක් එල්ල කොට තිබේ.

අයිඑස් කැරලිකරුවන් විසින් මෝසුල් නගරය අල්ලා ගනු ලැබුවේ මීට වසර දෙකකට ඉහතදී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්