චීන රහසිගත ප්‍රහාරක යානා ප්‍රථම වරට මහජන සංදර්ශනයක
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චීන රහසිගත ප්‍රහාරක යානා ප්‍රථම වරට මහජන සංදර්ශනයක

චීනය විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ සැලසුම් කරමින් සිටි J-20 රහසිගත ප්‍රහාරක යානා සරඹ සංදර්ශනය මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරුණි.

චීනයේ අහස් යාත්‍රා නිෂ්පාදකයන් සහ ගැනුම්කරුවන් මුණගැසෙන විශාලම ප්‍රදේශය වශයෙන් සැලකෙන 'ගුවාන්ඩොන්ග්' හි පැවති සංදර්ශනයේදී රේඩාර් වලට හසු නොවී පියාසර කළ හැකි ප්‍රහාරක යානා දෙකක් මිනිත්තුවක කාලයක් ගුවන්ගත විය.

මින් පෙර මෙවන් ජෙට් යානා පියාසර කරන අයුරු නැරඹීමට අවස්තාව ලැබී තිබුනේ චීන බ්ලොග්කරුවන් කිහිප දෙනෙකුට පමණි.

මෙම අධි තාක්ෂණික ප්‍රහාරක යානා ප්‍රදර්ශනය කෙරුණේ සිය හමුදා බලය ශක්තිමත් කර ගැනීමටත් වැඩි දියුණු කර ගැනීමටත් බේජිං පාලනය දරන උත්සාහයේ සංකේතයක් වශයෙනි.

චීනයේ 'චෙන්ග්ඩු' ගුවන් යානා නිෂ්පාදකයන් විසින් නිර්මාණය කරන ලද J-20 ප්‍රහාරක යානා වලට රේඩාර් වලට හසු නොවී පියාසර කිරීමේ හැකියාව ඇත.