සංක්‍රමණිකයන්ට විදුලිසැර අල්ලන බවට ඉතාලි පොලීසියට චෝදනා

Image copyright AP
Image caption මේ වසර තුළදී පමණක් එක්ලක්ෂ පනස්දහසක සංක්‍රමණිකයන් පිරිසක් ඉතාලියට පැමිණි බවයි පැවසෙන්නේ

ඇඟිලි සලකුණු ගැනීමේදී ඉතාලියේ පොලීසිය පහරදීම් සහ විදුලිධාරා ඇල්ලීම මගින් තමනට වදහිංසා කළ බවට සංක්‍රමණිකයන් පිරිසකගෙන් ගෙන් චෝදනා ලැබී ඇති බව ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) පවසයි.

මේ වසර තුළදී පමණක් මධ්‍යධරණී මුහුදේ අතරමංව සිටියදී බේරාගත් එක්ලක්‍ෂ පනස්දහසකට වැඩි අනවසර සංක්‍රමණිකයන් පිරිසක් ඉතාලියට පැමිණ ඇත.

පොලීසිය ඔවුන්ගේ ඇඟිලි සලකුණු ගතයුතුව ඇති අතර ඇතැම් සංක්‍රමණිකයන් එයට බියක් දක්වන්නේ ඔවුන්ට ඉතාලියේ බන්ධනාගාරගතවීමට සිදුවනු ඇතැයි බියක් දක්වන හේතුවෙනි.

ඇම්නෙස්ටි ආයතනය පවසන්නේ සංක්‍රමණිකයන් විසි දෙනෙකුට වඩා ඇඟිලි සලකුණු ලබාගැනීමේදී පොලීසිය තමන්ට රළු ආකාරයෙන් සැලකුවේ යැයි චෝදනාකරන බවය.

එහෙත් තම පොලිස් නිලධාරීන් වෘත්තීයමය වශයෙන් හා යහපත් ආකාරයෙන් ක්‍රියාකිරීමට පුහුණුකර ඇති බව ඉතාලි බලධාරීහු පවසති.

බීබීසී යෙන්