හිලරි සහ ට්‍රම්ප් අවසන් ප්‍රචාරක වේදිකාවල

  • 2016 නොවැම්බර් 5
Image copyright AP
Image caption ආර්ථිකමය සහ සමාජමය ඉදිරිගමන පිළිබඳව හිලරි කතාකරද්දී ට්‍රම්ප් 'දූෂිත වොෂින්ටන් ඉහළ පැලැන්තිය' දැඩි දෝෂ දර්ශනයට ලක් කරයි

ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරක වැඩසටහන් සිදුකෙරෙන අවසන් සතියේ හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් තම තමන්ගේ වෙනස්කම් විදහා දැක්වෙන පණිවුඩ සමස්ථ ඇමරිකානු ජනතාව වෙත ලබාදීමට නියමිතය.

ෆ්ලොරිඩා ප්‍රාන්තය වෙත යන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පසුගිය අවුරුදු අටක කාලය තුළ සිදුකළ ආර්ථිකමය සහ සමාජමය ඉදිරිගමන පිළිබඳව මතුකොට දක්වා ජනතා මනාපය දිනාගැනීමට අපේක්ෂා කරන්නීය.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තම පණිවුඩ මගින් හිලරි ක්ලින්ටන් ප්‍රධාන 'දූෂිත වොෂින්ටන් ඉහළ පැලැන්තිය' දැඩි දෝෂ දර්ශනයට ලක්කරන අතර නවතම වෙනසක් සිදුකරන බවට ප්‍රතිඥා දෙයි.

නවතම විමර්ෂණ අනුව ඔබාමාගෙන් පසුව ඇමරිකානු ජනාධිපති පදවියට පත්වීම සඳහා වූ තරගයේ හිලරි ක්ලින්ටන් තවමත් ඉදිරියෙන් සිටින නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ වැඩි ජනබලය තමන්වෙත යොමුවෙමින් පවතින බැවින් එය පවත්වාගෙන යාමට කටයුතු කරන බවය.

සෙනසුරාදා (05) ඔහු තම ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන ප්‍රාන්ත ලෙස සැලකෙන ෆ්ලොරිඩා, උතුරු කැරොලිනා සහ නෙවාඩා යන ප්‍රාන්ත වෙත යාමට නියමිතව ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර