ඇමරිකානු ඡන්ද ව්‍යාපාරයේත් දරු සුරතල්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඇමරිකානු ඡන්ද ව්‍යාපාරයේත් දරු සුරතල්

  • 2016 නොවැම්බර් 6

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළියක් අමතමින් සිටින අතරතුර රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් එහි සිටි බිලිඳකු වඩා ගත් ආකාරය කැමරා කාචයට හසු විය.

ජනාධිපති ධුරය සඳහා තරග කරන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් අතර කරටකර සටනක් පවතින බව විශ්ලේෂකයෝ පවසති.

ජනාධිපතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් සිදු කළ හැකි කලාපයක් ලෙස ෆ්ලොරිඩා ප්‍රාන්තය සැලකේ.

ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම නොවැම්බර් 08 වනදාට යෙදී ඇත.

සබැඳි විෂයයන්