ඇතන්ස්හි ප්‍රංශ තානාපති කාර්යාලයට අත්බෝම්බ ප්‍රහාරයක්

  • 2016 නොවැම්බර් 10
Image copyright Getty Images

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලැබූහ.

එම ප්‍රහාරය එල්ලකර තිබෙන්නේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකි.

ග්‍රීසියේ පාර්ලිමේන්තුවට ආසන්නයේ ප්‍රංශ තානාපති කාර්යාලය පිහිටා ඇති අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ග්‍රීක ත්‍රස්ත මර්දන අංශය වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.