ඉන්දියාවේ ඇඟලුම් කම්හල් ගින්නකින් රැසක් මරුට

උතුරු ඉන්දියාවේ ගාසියාබාද් ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක හටගත් ගින්නකින් දහතුන් දෙනකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

අනතුරෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව ප්‍රාදේශීය පොලිසිය පවසයි.

පොලිසිය වැඩි දුරටත් කියා සිටියේ අද (නොවැ 11) අලුයම 4.30 ට පමණ විදුලි කාර්මික දෝෂයක් හේතුවෙන් හටගත් ගින්න පාලනය කිරීමට ගිනි නිවන හමුදා භටයන්ට පැය කීපයක් ගතවූ බවය.

ඉන්දියාවේ කුඩා පරිමාණ ඇඟලුම් කම්හල්වල පවතින දුර්වල ආරක්ෂක විධිවිධාන සහ නඩත්තු හේතුවෙන් මෙවැනි අනතුරු බහුලව සිදු වෙමින් පවතී.

ප්‍රාදේශීය පොලිස් ප්‍රකාශකයකු ප්‍රංශ පුවත් සේවයට කියා සිටියේ ඇතැම් සේවකයන් ඇඟලුම් කම්හලේ රාත්‍රිය ගතකරමින් සිටියදී මෙම ගින්න පැතිර ගොස් ඇති බවය.