'IS සංවිධානය මෝසුල් වැසියන් ඝාතනය කරලා'

Image copyright Reuters

ඉරාක හමුදාව මෝසුල් නගරයට ළඟා වීමත් සමග ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධ කණ්ඩායම් විසින් කරන ලද අපරාධ පිළිබඳ අලුත්ම සාක්ෂි ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

සිය සංවිධානයට ද්‍රෝහී වූ බවට චෝදනා එල්ල කරමින් IS සටන්කරුවන් සිවිල් වැසියන්ට වෙඩි තබා ඝාතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය කියා සිටියි.

මෙසේ ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ මල සිරුරු මොසුල් නගරයේ ප්‍රදේශ කීපයක එල්ලා ඇති බවත් වාර්තා වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශිකා රවීනා ශාම්දාසිනී බීබීසිය වෙත ප්‍රකාශ කළාය.

මෝසුල් වැසියන් ජංගම දුරකථන මාර්ගයෙන් ඉරාක හමුදාවට ඔත්තු දෙන බව IS සටන්කරුවෝ චෝදනා කරති.

මේ අතර ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන් සටන්කරුවන් බාලවයස්කාර ළමුන්ව මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොමු කරන බවයි එක්සත් ජාතික සංවිධානය පෙන්වා දුන්නේය.