වියට්නාමයේ ගිනිබත් කෙරෙන අනවසර ඇත්දළ

  • 2016 නොවැම්බර් 12
Image copyright AP

ජාවාරම්කරුවන්ගෙන් රාජසන්තක කරන ලද කිලෝ දෙදහසකට අධික ඇත් දළ තොගයක් වියට්නාම බලධාරීන් විසින් විනාශ කිරීමට පියවර ගනු ලැබ තිබේ.

හැනෝයි අගනුවර ආසන්නයේ ඇත්දළ තොගය ප්‍රසිද්දියේ ගිනිතබා විනාශ කළ බව බලධාරීහු පවසති.

වියට්නාමයේ මෙලෙස නීති විරෝධී ඇත් දළ තොගයක් විනාශය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

රයිනෝ අඟ සහ ඇත් දළ නීති විරෝධී ලෙස චීනයට ජාවාරම් කිරීමේ දී වියට්නාමය හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතා වන බව විශ්වාස කෙරෙයි.

විනාශ කරන ලද සත්ව දළ තොගයේ අප්‍රිකානු අලි තුන්සීයක් සහ රයිනෝ සතුන් විසි තුන්දෙනකුට අයත් දළ තිබුණු බව බලධාරීහු පැවසූහ.