නවසීලන්තයේ සුනාමියක්

Image copyright AP
Image caption මැග්නිටියුඩ් හතයි දශම හතරක භූ චලනයක්

නවසීලන්තයේ දකුණු දූපතේ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් ඊසාන දිග මුහුදු තීරයේ සුනාමි තත්වයක් හට ගත්තේය.

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රදේශයේ මෙම භූමිකම්පාව ඇති වූයේ ඉරිදා (නොවැ. 13) මධ්‍යම රාත්‍රියේය.

Image copyright FRESH CHOICE NELSON CITY
Image caption හානියට පත්වූ වෙළඳ සැලක්

නමුත් පළමු සුනාමි රළ පහර වෙරළට ළඟාවී ඇත්තේ භූ චලනය සිදුවී දෙපැයකට පසුවය.

මැග්නිටියුඩ් හතයි දශම හතරක භූ චලනයක් වාර්තා වී ඇති අතර එය නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට දැනී තිබේ.

Image copyright Getty Images
Image caption ජනතාව සිය නිවෙස් අතහැර උස් බිම් කරා

වෙලිංටන් අගනුවර ජනතාව සිය නිවෙස් අතහැර උස් බිම් කරා ගොස් තාවකාලිකව රැඳී සිටිති.

2011 වසරේ දී ක්‍රයිස්ට්චර්ච් ප්‍රදේශයේ සිදු වූ භූමිකම්පාවෙන් එකසිය අසූපස් දෙනෙකු මරණයට පත් විය.

Image caption භූමිකම්පාවෙන් හානියට පත් නිවාසයක්