නවසීලන්තයේ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නවසීලන්තයේ තවත් භූ කම්පනයක්

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් මාපකයේ 6.3 වාර්තා කරමින් තවත් භූමිකම්පාවක් ඇති විය.

එසේ වුවද එම කම්පනය ඊයේ (නොවැම්බර් 13) මධ්‍යම රාත්‍රියේ ඇතිවූ භූමිකම්පාව තරම් ප්‍රබල වී නැත.

රික්ටර් මාපකයේ 7.5 සටහන් කරමින් ඇතිවූ පළමු භූමිකම්පාවෙන් පුද්ගලයන් දෙදෙනකු මරුමුවට පත් වූ අතර ඒ සමග සුනාමි අනතුරු සංඥා නිකුත් කිරීමට බලධාරීහු කටයුතු කළහ.

පසු කම්පන තවදුරටත් වාර්තාවන අතර පීඩාවට පත් නවසීලන්තවාසීන් නිදිවර්ජිතව රැය පහන් කරන ආකාරය දැක ගත හැකි විය.

සන්නිවේදන පහසුකම් ඇණහිට ඇති අතර ඇතැම් ගොඩනැගිලි සහ නිවාසවලට හානි සිදු වී තිබේ.

2011 වසරේ දී ක්‍රයිස්ට්චර්ච් ප්‍රදේශයේ සිදු වූ භූමිකම්පාවෙන් එකසිය අසූපස් දෙනෙකු මරණයට පත් විය.

එම භූමිකම්පාවට වඩා මෙවර ඇති වූ භූ චලනය ප්‍රබල වුවත් ඉන් එතරම් හානියක් වාර්තා වී නොමැත.

සබැඳි විෂයයන්