පෞරාණික නිම්රුඩ් නගරය IS ග්‍රහණයෙන් මුදා ගැනේ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පෞරාණික නිම්රුඩ් නගරය IS ග්‍රහණයෙන් මුදා ගැනේ

වසර දෙකක් පුරා අයිඑස් පාලනය යටතේ පැවති ඇසිරියානු ශිෂ්ටාචාරයට අයත් පෞරාණික නිම්රුඩ් නගරයේ බලය යළි සියතට ගත් බව ඉරාක හමුදා පවසති.

ක්‍රිස්තු පූර්ව 13 දක්වා දිව යන පෞරාණික භූමියට අයිඑස් කැරලිකරුවන් විසින් 2015 වසරේදී සිදු කරන ලද විනාශය එරට බලධාරීහු සහ පුරාවිද්‍යාඥයෝ හෙලා දකිති.

ලෝක උරුමයන් සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය විසින් පෞරාණික නගරයට සිදු කරන ලද හානිය හඳුන්වනු ලැබුවේ යුද අපරාධයක් ලෙසය.

අයිඑස් කැරලිකරුවන් විසින් දේවස්ථාන සහ පිළිම "ව්‍යාජ සංකේත" ලෙස හඳුන්වනු ලබන අතර එවැනි නිර්මාණ විනාශ කළ යුතු බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.

ඉරාක හමුදා විසින් යළි සියතට ගැනීමට උත්සාහ කරමින් සිටින මෝසුල් නගරයට ගිණිකොන දෙසට වන්නට සැතපුම් විස්සක් දුරින් නිම්රුඩ් නගරය පිහිටා ඇත.

සබැඳි විෂයයන්