මාධ්‍ය නිදහසටත් සීමාවක් තියෙනවා -මෝදි

Image caption 'මවක් සිය දරුවන්ට පමණ ඉක්මවා ආහාර නොගන්නා මෙන් දෙනු ලබන උපදේශය'

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සීමාවක් ඇතැයි පවසමින් අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝදි ඉන්දීය මාධ්‍යයට අනතුරු ඇඟවීමක් කළේය.

අගමැතිවරයා එම මාධ්‍ය සීමාව උපමාවකින් විස්තර කරමින් කියා සිටියේ, එය මවක් සිය දරුවන්ට පමණ ඉක්මවා ආහාර නොගන්නා මෙන් දෙනු ලබන උපදේශයකට සමාන බවය.

පසුගියදා ඉන්දීය බලධාරීහු NDTV හින්දි චැනලයට පැය විසිහතරක කාලයකට බලපවත්වන පරිදි විකාශන තහනමක් නිකුත් කළහ.

රටේ ආරක්ෂාව

එම දඬුවම පනවා තිබුණේ,පසුගිය ජනවාරි මාසයේ එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයක් වාර්තා කිරීම මුල්කර ගෙනය.

එහෙත් නෛතික අභියෝගයක් හමුවේ එම තහංචිය අත්හිටුවීමට දිල්ලි බලධාරීහු පියවර ගත්හ.

දිල්ලි බලධාරීන් පවසන්නේ NDTV චැනලය රටේ ආරක්ෂාව පරදුවට තබන බවය.

නමුත් එම මාධ්‍ය ජාලය එකී චෝදනාව බැහැර කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර